BREAKING NEWS
Search

දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත ජයක් ලැබූ අපේ කෙල්ලෝ…

137

කාලයක් තිබ්බා
අපේ Women’s Cricket වලට
දකුණු අප්‍රිකාව කියන නම ඇහුවත් බය හිතෙන,
කාලයක් තිබ්බා චමරි ගැහුවොත්
විතරක් ලංකාව දිනන,
එදාට මොන රටක් වුනත් අදාල නෑ…
අපේ කෙල්ලොන්ට,
හැබැයි අද වෙද්දි ඒ සියල්ල වෙනස් වෙලා තියෙනවා.
දැන් අපේ කෙල්ලෝ
දකුණු අප්‍රිකාවට බයත් නැ..
චමරි ගැහුවත් නැතත්
ගේම එහෙම ලේසියෙන් අතහරින්නෙත් නැ…
එදා ශෂිකලා , චමරිලාගේ පෞද්ගලික දක්ෂතා වලින් සැනසුනු අපි අද රටක් විදිහට හැමෝගෙම දක්ෂතා වලින් රට දිනවන තැන දක්වා දියුණු වෙලා තියෙනවා.
ඒකට ගැලපෙන අපූරු කෙල්ලෝ ටිකක් චමරි වටේ අද ඒකතු වෙලා ඉන්නවා. හර්ෂිතාලා විශ්මිලා කවීෂලා ඉනෝකලා සුගන්දිකාලා විතරක් නෙමෙයි අද ඩෙබියු වෙච්චි දෙව්මි විහංගා පවා ඊට සාක්ෂි සපයනවා.
ප්‍රතිවාදියා ප්‍රභල දකුණු අප්‍රිකාව,
ගිය අවුරුද්දේ අපේ කෙල්ලෝ එහෙ ගිහින් ගහලා ආවේ…
මෙදා පාර ලංකාවේ කොළඹදී මුණ ගැහුනා…
චමරි ගැහුවේ අද ලකුණු 6යි.

වෙනදා නම් මේ වගේ දෙයක් වෙද්දි ප්‍රේක්ෂක අපිත් මැච් එක අතහැරලා.. මොකද චමරි නැත්තම් මේ වගේ රටක් වට්ටනවා කියන්නේ බොරු…

හැබැයි අද ඒක වෙනස්… හසිනි පෙරේරා එක්ක එකතු වුනු විශ්මි අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගනවා. අද විශ්මිට ලකුණු 29යි. ආරම්භක පිතිකාරිනියක් ලෙස ආපු හසිනි ලකුණු 42යි. විටෙක ශ්‍රි ලංකා ලකුණු පුවරුව 90ට කඩුලු 3යි. ඉලක්කය 236ක්…

එතැනින් පස්සේ තමයි හොඳම හරිය,
හර්ෂිතා එක්ක කවීෂා කඩුල්ලට එකතු වෙනවා.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව උපක්‍රමශීලිව පිත්ත හසුරවපු ඔවුන් මැද පන්දුවාර වල කඩුලු විසි නොකර ලකුණු 128ක විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නගනවා.
අන්තිමට කවීෂා ශ්‍රි ලංකා ඉනිමේ සිව්වෙනි කඩුල්ල විදිහට දැවී යන්නේ ශ්‍රි ලංකා ලකුණු පුවරුව 218ක් දක්වා අපේ කෙල්ලෝ ඔසවා තබලා.. ශ්‍රි ලංකාවට නියත ජයක් පෙනෙන මානයට රැගෙන ගිහිල්ලා…
කවීෂාට අද පන්දුවෙන් කඩුලු දවා ගන්න බැරි වුනත් ඇය පිත්තෙන් උපරිමයම දුන්නා. ඇය පන්දු 75කදි ලකුණු 61ක් රැස් කරේ ඊට හතරේ පහරවල් 6ක් සහ එක් හයේ පහරක් ඇතුලත් කරමින්…
අද දවසේ මේ විශිෂ්ඨ හඹායාමට මුල් වුනු සුපිරි සබඳතාවය මේක… කවිෂගෙන් පස්සේ ජයග්‍රාහී නිමේෂයේ කිට්ටුවටම තරගය රැගෙන ගිය අද තරගයේ වීරවරිය හර්ෂිතා පන්දු 93කදි විශිෂ්ඨ ලකුණු 77ක් රැස් කරනවා. ඊට හතරේ පහරවල් 8ක් අනතර්ගත කරනවා.

මේ ගෙවෙන්නේ හර්ෂිතාගේ හොඳම කාලේ…
එදා ශෂිකලා සිරිවර්ධනලා මේ පුංචි කෙල්ලව අඩු වයසින්ම ජාතික තලයට අරන් ඇවිත් මුවහත් කරන්නේ බලාපොරොත්තු කන්දක් ඇතිව,

ඉතිං අද වනවිට ඒ බලාපොරොත්තු දවසින් දවස ඇය ඉෂ්ඨ කරනවා. 2024 වසරේ ඇගේ එක්දින පිතිකරන සාමාන්‍යය 54.25ක්… ශතකයක් පවා රැස් කරනවා. මේ වසරේ මේ වනවිට ඇගේ පිතිකරන සාමාන්‍යය 56.00ක්… ඇය තවත් දියුණු වෙනවා. තව මදි.. ඇයට දිනවන්න තව හුගාක් තරග තියෙනවා.

 

පිතිකාරිණියෝ මේ ඓතිහාසික ජය ඒ විදිහට අපිට අත්කර දෙද්දී දකුණු අප්‍රිකා ඉනිම ලකුණු 235කට තියා ගත්තු අපේ පන්දු යවන්නියෝ ගැන කතා නොකර කොහොමද ?

මල්කි මදාරා…මේ ක්‍රීඩා කරේ තමන්ගේ දෙවෙනි ජාත්‍යන්තර එක්දින තරගයට… Swing, Slow Balls, Cutters වැනි පන්දු රාශියක් තියෙන දක්ෂ දකුණත් මදවේග පන්දු යවන්නියක්… ඈ අද දකුණු අප්‍රිකා ඉනිම සුනුවිසුණු කරන්න පෙරමුණ ගන්නේ පන්දුවාර 10 තුල ලකුණු 50කට කඩුලු 4කටම වගකියලා….

මල්කිගේ දෙවෙනි තරගය, දෙව්මි විහංගගේ පලවෙනි ජාත්‍යන්තර තරගය, ඇය තමන්ගේ මංගල තරගයේම ලකුණු 41කට කඩුලු 3ක් දවාගෙන වාර්තාගත පන්දු යැවීමක් සටහන් කර ගන්නවා. ඉතිං අන්න ඒ නිසාමයි මුලදිම කිව්වේ අද වෙද්දි ලංකාව දිනවන වැඩේ කරන්න චමරි නැතුවත් චමරිලා වටේ හැදුනු හර්ෂිතාලා විශ්මිලා කවීෂලා විතරක් නෙමෙයි අලුතින් එන මදාරාලා, දෙව්මිලා පවා දැන් අපිට ඉන්නවා කියලා…

හදවතින්ම සතුටුයි !
ශ්‍රි ලාංකීය ජාතියක් විදිහට
අපේ කාන්තා ක්‍රිකට් කන්ඩායම අද ලබන
මේ විශිෂ්ඨ ජයග්‍රහණ ගැන…
මේ ක්‍රිකට් එක මේ තැනට ගේන්න මහන්සි වුනු කැපකිරීම් කරපු නම් නොකියවුනු චරිත බොහොමයක් ඉන්නවා. ඉතිං මේ ජයග්‍රහණ අතරේ ඔවුන්ට ස්තූතිය පුද කරන්න අමතක කරන්න හොඳ නැ…

ජය වේවා ! ❤️

✍ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *