BREAKING NEWS
Search

”දුක්නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගෙ අම්මේ” – තිසුරි යුවනිකා

2672

ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබුණා.

ඒ, ආදරණීය මව වන අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ මතකය අවදි කරමින්.

”නොපිරවෙන හිස්තැන.

මම ඉඳගෙන අපෙ සාලයේ,දොරටුව දෙස බලා සිටිමි,

මෘදුව නගන පා හඬ දැන් ඇහෙන්නෙ නෑ ගෙයි වත්තේ,

සුළඟට වැනෙන ඔබෙ ගස්වල පාළු කතා අසා සිටිමි,

දුකින් හඬන සුළඟ මවන හිස්තැනක්ය අද ඇත්තේ.

මම ඇස්පියන් ඔබෙ රුව දකිමි, ඒ දිහාම බලා සිටිමි,

සෙමින් සෙමින් කඳුලු වැටේ,ඔබව දැනෙයි හිත මැද්දේ.

මගෙ නහර,ඇට මිඳුලු,ලේ බිංදුවක් පාසාම මම ඔබව විදින්නෙමි,

අදත්,හෙටත්,කෙදිනකවත් නොපිරවෙයි මේ හිස්තැන අම්මේ.

මම දෑස් අරිමි, සිත තද කළෙමි,ඔබේ වදන්ම සිහිගන්වමි,

ඔබෙ වදන් ඔබේ සුසුම් මේ නිහඬ බවෙයි අද ඇත්තේ.

මේ හිස්තැන මැදින් හුස්ම ගනිමි, මතකයන් අහුරමි,

දුක්නොවී මා ගැන නිවනින් සැනසෙන්න මගෙ අම්මේ.

29.05.2025”

ඡායාරූප සහ සටහන : Thisuri yuwanika ෆේස්බුක් පිටුවෙන්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *