BREAKING NEWS
Search

නවක වදය නිසා ජීවිත නැතිවුන කොල්ලෝ,කෙල්ලන්ගේ ලිස්ට් එක මෙන්න – දැන්වත් මේ දේ නතර කරන්න නීති හදන්න

125

🚫 1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ 22 හැවිරිදි ‘රූපා රත්නශීලී’ ශිෂ්‍යාව ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් සිදු වූ නවකවදය දරාගත නොහැකිව රාමනාදන් ශාලාවේ නේවාසිකාගාරයේ දෙවැනි මහලින් බිමට පනින ලදි.ඒ වන විට ඇගේ යෝ_*නි මාර්ගයට ඉටිපන්දමක් ඇතුළුකොට තිබූ බව වෛද්‍ය වාර්තාවල සදහන් උනා.නේවාසිකාගාරයෙන් බිමට පැනීම නිසා ආබාධිත තත්ත්වයට පත්වූ ඇය සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ ‘රෝද පුටුවක්’ මත. ඇයට සිය පාදයන්ට ඇති වූ ආබාධ හා නවකවදයෙන් පසුව හටගත් සිත් තැවුල් හා කරදර නිසා 1997 දී සිය දිවි හානි කර ගත්තා.

🚫 1993 දී නවකවදයට ගොදුරු වීම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ‘චමින්ද පුංචිහේවා’ නමැති සිසුවා මරණයට පත්වුනා.

🚫 1993 අඟුණකොලපැලැස්ස කෘෂි පාසැලෙහි සිදු කෙරුණු නවකවද සිද්ධියක් හේතුවෙන් ‘ප්‍රසංග නිරෝෂණ’ නමැති සිසුවා මරණයට පත්වුනා.

🚫 1997 වසරේදී නවකවදය නිසා විශ්වවිද්‍යාල සිසුන් තුන් දෙනෙක් සිය දිවි හානි කර ගනු ලැබුවා.

🚫 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි ‘එස්. වරප්‍රකාශ්’, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්වුනා.

🚫 රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවදය හේතුවෙන් සිය දිවි හානිකරගත්තා.

🚫 නවකවදයේ දි දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් නිසා අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ ‘කැලුම් තුෂාර විජේතුංග’ මරණ/යට පත්වුනා.

🚫 1998 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවෙක් නවකවදය අතරතුර සිදුවූ බරපතළ කායික හිංසනයෙන් මරණයට පත්වුනා.

🚫 නවක වදයට එරෙහි වීමට කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර කළමනාකරණ සිසුවෙක් වූ සමන්ත විතානගේ නවක වදයට එරෙහිව පැවැත් වූ කතිකාවතක් අතුරතුර 2002 වසරේ දී මරණයට පත් කරන ලදි.

🚫 විශ්ව විද්‍යාලයෙන් නවක වදය තුරන් කිරීම සඳහා ලබා දෙන නියෝග සඳහා සිසුන් අවනත නොවීම හේතුවෙන් 2006 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.

🚫 2015 පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ අමාලි චතුරිකා සිසුවිය සිය දිවි හානි කර ගත්තාය. ඇය අවසන් ලෙස ලියා තිබූ කෙටි ලිපියෙහි සඳහන්ව තිබුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිවෙකුටත් තම අවමඟුලට සහභාගි වීමට ඉඩ නොතබන ලෙසයි.

🚫 2011 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයේ ආපනශාලාවක් තුළ දී නවකවදයට ගොදුරුවූ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ සිසුවියක්, ‘අංශ භාග’රෝගයට පත්වුනා (මරණයක් නොවේ)

🚫 2016 වසරේදී නවකවද සිදුවීමක් අතර සිදු වූ ලිංගික හිංසනයකට අදාළව අධිකරණය ඉදිරියේ විභාග වුණු නඩුවක සාක්ෂිකරුවෙකු වූ ද, නවකවදය හේතුවෙන් විශ්වවිද්‍යාලය හැරගොස් රැකියාවක් හැටියට‘ලොරියකට බඩු පටවමින්’ සිටියාවූ ද, අඟුණකොලපැලැස්සේ-ආචාරිගම සිසුවෙකු වූ ඩී.කේ. නිශාන්ත පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය තුළ ම සියදිවි නසාගත්තා.

🚫 මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් වන දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශනිල්ක දිල්ශාන් සිසුවා නවකවදය ඉවසාගත නොහැකිව 2019 අප්‍රේල් 01 වැනි දා සිය දිවි හානි කර ගත්තා.

🚫 2025 අප්‍රේල් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ චරිත් දිල්ශාන් සිසුවාගේ මරණය

මේ මරණ විතරයි.කීදෙනෙක් නම් කැම්පස් අතෑරලා ගියාද..? මානසිකව වැටුනද..? පහරදීම් නිසා, ටයර් පෙරලලා කීයක් නම් ඉස්පිරිතාල වල නැවතුනාද..? තව කීයක් මැරෙන්න ඕනද.?

ඒක නිසා අලුතෙන් නීති හදලා හරි මේ මගුල් නවක වදය තහනම් කරලා දාන්න..

Pahan Dasanayaka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *