BREAKING NEWS
Search

පාතාලයට බුරුලක් දෙන්නෑ.. කළු සල්ලි මේවාට සම්බන්ධයි – අලුත්කඩේ ඝාතනය ගැන නලින්ද

31

තම රජය යටතේ පාතාලයට කිසිදු බුරුලක් ලබා නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අලුත් කඩේ අධිකරණයේ අද සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පැවසුවේය.

“අපි මේ කාරණය ගැන ගැඹුරින් කල්පනා කරනවා. පාතාලය සම්බන්ධයෙන් දැනටමත් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඉන්දියාවේ හා ඩුබායි හිටපු පාතාලකරුවන් කිහිපදෙනකු මේ රටට ගෙන්වා ගැනීමට රජයේ පසුගිය දිනවල කටයුතු කළා. පාතාල මර්දනය සම්බන්ධයෙන් ගත් සමහර ක්‍රියාමාර්ග මෙතන හෙළි කරන්න බැහැ.

පාතාලය කළු සල්ලි කුඩු ජාවාරම් එකිනෙකට සම්බන්ධයි. මේවා මෙහෙයවන සමහර අය ලංකාවෙත් නොවෙයි ඉන්නේ. සමහර තැන්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන්ද සම්බන්ධ වෙලා තියෙනවා. පාතාලය මර්දනයට විශේෂ කාර්ය බළකාය පොලිසිය බුද්ධි අංශ යොදවලා තියෙනවා”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *