BREAKING NEWS
Search

පාස්කු ප‍්‍රහාරයට වගකිවයුත්තන් අප්‍රේල් 21ට පෙර හෙලි කරනවා..! – ජනපති

75

මෙරටට එල්ල වූ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු එළැබෙන 21වනදාට පෙර පාස්කු හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ මාතර දෙයියන්දර ප්‍රදේශයේ පැවැති පලාත් පාලන මැතිවරණයේ ජන රැළියක් අමතමිනි.

“පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. අප්‍රේල් මාසයේ 21වනදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. බොහෝ දුරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ දරමින් තිබෙනවා අප්‍රේල් 21වනදා පෙර එයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *