BREAKING NEWS
Search

පුංචි ඡන්දයට ඉදිරිපත්වෙනවා කිව්වේ විහිලුවට – චමල් රාජපක්ශ

43

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා තමන් කිසිදු තීරණයක් කර නොමැති බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසනවා.

දේශපාලනයෙන් ඉවත් වීමට මීට කෙටි කලකට පෙර තමන් ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අපේක්ෂිත පිරිසක් සමඟ තංගල්ල කාල්ටන් නිවසේ පැවති හමුවකින් අනතුරුව චමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අවස්ථාවක් ලැබුණහොත් එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බවයි.

කෙසේවෙතත් එම ප්‍රකාශය සිදුකලේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් කළ ප්‍රශ්න කිරීමකදී විහිලුවට මෙන් බව චමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

තමන් ලබාදුන් ප්‍රකාශය නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සතුටු වූ බවත් එය වටිනා පුවතක් ලෙස වාර්තා කළ හැකි බවත් එම මාධ්‍යවේදීන් පැවසූ බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Neth News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *