BREAKING NEWS
Search

පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීමට සියල්ල සූදානම්..!

74

නව පාප් ධුරය තේරීම මැයි මස 07 වැනිදායින් ඇරඹේ

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ සමුළුව (The conclave) මැයි මස 07 වන දින ආරම්භ වන බව ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය පවසයි.

රෝමයේ සිටින කාදිනල්වරුන් අද (28) පැවති ඔවුන්ගේ පස්වන මහා සභාවේදී මෙම තීරණය ගත්හ.

මෙම සමුළුව වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේදී පැවැත්වෙන අතර, එම දිනවල එය අමුත්තන්ට වසා ඇත.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන් ගණන 135කි.

ඉන් කාදිනල්වරු 53ක් යුරෝපයෙන්, 23ක් ආසියාවෙන්, 20ක් උතුරු ඇමරිකාවෙන්, 18ක් අප්‍රිකාවෙන්, 17 ක් දකුණු ඇමරිකාවෙන් සහ ඕෂනියාවෙන් හතර දෙනෙක් සුදුසුකම් ලබා ඇත.

ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් පාප්වරණයට එන කාදිනල්වරුන් වයස අවුරුදු 80ට අඩුවිය යුතු අතර, වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *