BREAKING NEWS
Search

පොදු ජනයෙක් වැඩේ කෙරුන්නෑ කියා ප‍්‍ර.ලේ. කාර්යාලය කුඩු පට්ටම් කරයි..! (Video)

61

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පුද්ගලයකු එම ආයතනයේ බඩු භාණ්ඩවලට පහර දෙමින් විශාල විනාශයක් සිදු කරන අයුරු සමාජ ජාල වල වීඩියෝවක් හුවමාරු වෙයි.

ඔහු එහි පැමිණි කාර්ය ඉටු නොවීම හේතුවෙන් කෝපයට පත්වී ඔහු මෙසේ විරෝධය දක්වා ඇති බව සඳහන්ය.

එම අවස්ථාවේ එහි සිටි රජයේ නිලධාරීන් දැඩි භීතියට පත්ව කෑ කෝ ගසන අතර කලහකාරී පුද්ගලයා අල්ලා ගැනීමටද උත්සහ දරයි.

තම පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යවලට ගිය අවස්ථාවේ ඇති වූ ගැටලුවක් මත ඔහු මෙසේ හැසිරී තිබේ.

එම පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *