BREAKING NEWS
Search

මාලිමාණ්ඩුව ලොව දෙවැනි බලවත්ම ආණ්ඩුවයි. ලියුමකට බය වී ට‍්‍රම්ප් බද්ද මාස තුනකට කල් දැම්මා..! – රනිල්

124

අද ශ්‍රී ලංකාවේ ඇති ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් ගත් කළ චීනයට පසුව ලොව ඇති බලවත්ම ආණ්ඩුව යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඇමෙරිකානු ජනාධිපති වරයා විසින් පනවන ලද තීරු බද්ධ ලංකාවේ ආණ්ඩුව විසින් යවන ලියුමක් අනුව දින අනූවකට කල් දමා ඇතැයි ඔවුන්ම පවසන බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

‘අපිට තියෙන්නේ ජාත්‍යන්කර වශයෙන් ඉතාම බලවත්ම ආණ්ඩුව චීනට පස්සේ. අපි ලියුමක් යැව්වා ට‍්‍රම්ප් ජනාධිපති කිවුවා අන්න මේක දවස් අනූවකින් කල් දානව කියල. එහෙම ආණ්ඩුවක් තියෙනවද වෙන කොහෙවත් ලෝකේ. එහෙම එක්කෙනෙක්ටවත් කළේ නෑ. ඉතින් ඔහොම කතා වලට අපි ඇහුම්කන් දෙන්න වැඩක් නෑ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තා අනුව මේ අවුරුද්දෙ මේ කිව්වේ මෙතන ට‍්‍රම්ප්ගෙ ප්‍රශ්නයට ඉස්සෙල්ලා 3.9% අඩු වෙනවා. 2026දී 3.4%ට තව අඩු වෙනවා. ණය ගෙවන්න ඕන වේගෙ නෑ. මුදල් ඇමති ජනාධිපති මේ ගැන කරුණු කියන්න ඔ්න’




Leave a Reply

Your email address will not be published. Required fields are marked *