BREAKING NEWS
Search

මාලිමාව කැබිනෙට්ටුව හදයි.. ඇමති 25යි.. නියෝජ්‍ය 25යි…!

52

ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් විසි පස්දෙනෙකුට සීමා වන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වන ලද ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එම අමාත්‍යංශ 25 විද්‍යානුකූල ක්‍රමයක් යටතේ කළමනාකරණය කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් සැලසුම් කර ඇති බවද හෙතෙම පවසයි.

අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන අතර කිසිදු ගැටුමක් ඇති නොවන ලෙස ඕනෑම පුරවැසියෙකුට තම අවශ්‍යතා අනුව අමාත්‍යාංශය හඳුනා ගැනීමට පහසු වන ලෙස විද්‍යානුකූල බෙදීම සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.

රට වෙනුවෙන් සකස් කරන සමස්ත සැලැස්ම එක් එක් අමාත්‍යාංශ හරහා මෙහෙයවීමට අදාළ ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයාට පැවරෙන වගකීම් බව ද හෙතෙම තවදුරටත් පැවසුවේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *