BREAKING NEWS
Search

මාලිමා මන්ත‍්‍රී සැමියා බලහත්කාරයෙන් ගත් ප‍්‍රාඩෝ ජීප් එක තොරතුරු ලබා දී නිත්‍යානුකූල බිරිද අරන් යයි..!

87

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  විසින් බලහත්කාරයෙන් ගෙන ගොස් භාවිතා කරන ලද බව කියන ජීප් රථය ඔහුගේ බිරිඳ විසින් රැගෙන ගොස් තිබේ.

ඒ පිළියන්දල පොලිස් භාරයට එම ජීප් රථය ගැනීමෙන් පසුව එහි හිමිකාරීත්වය තහවුරු කර ගැනීමෙන් අනතුරුවය.

මන්ත්‍රීවරයා තම මෝටර් රථය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් භාවිතා කරන බවට ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාටද දෙවන වතාවටත් පැමිණිලි කිරීමෙන් පසු මෙය සොයා ගනු ලැබීය.

ඒ මන්ත්‍රීවරයාගේ මිතුරකුගේ නිවසේ තිබියදීය.

එම මන්ත්‍රීවරයාගෙන් දික්කසාද වීම සඳහා ඔහුගේ බිරිඳ මේ වන විටත් හෝමාගම දිසා අධිකරණය නඩු පවරා ඇත්තේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සම විත්තිකාරිය කරමිනි.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *