BREAKING NEWS
Search

මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ චණ්ඩින්ට වැඩ වරදියි – විමර්ශන ඇරඹෙයි..! (Video)

50

පොළොන්නරුව – මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර එය නැරඹීමට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරී සංගීත භාණ්ඩවලට සහ ශබ්ද විකාශන යන්ත්‍රවලට දැඩි අලභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සංගීත ප්‍රසංගයට සහභාගී වීමට නියමිතව තිබූ ගායකයින් කිහිපදෙනෙකු සහභාගී නොවුණු බව පවසමින් ප්‍රසංගය අලු‍යම 01.30 ට පමණ අවසන් කිරීම නියමිත බව සංවිධායක මණ්ඩලය නිවේදනය කිරීමත් සමග මෙම තත්වය උදගතව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ කලහකාරි ලෙස හැසිරුණු පිරිස වේදිකාව දෙසට පුටු ආදියෙන් දමා ගසමින් සිය විරෝධය පළ කර අතර එම අවස්ථාවේ ප්‍රවන්ඩකාරී ලෙස හැසිරුණු පිරිස පාලනට කිරීමට පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථතව ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරියේ පොලිසියෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත ඉදිරි විමර්ශන සිදු කර සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රසංගය සදහා එක් වූ ඇවටාර් සංගීත කණ්ඩායමේ නිර්මාතෘ චතුරංග විතානගේගෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, රුපියල් මිලියන 30ත් 40 අතර අලාභයක් සිදුව ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති




Leave a Reply

Your email address will not be published. Required fields are marked *