BREAKING NEWS
Search

මැයි රැලියට ආ මාලිමාවේ බස් අධිවේගී මාර්ගයේ නතර කරලා කෑම කෑවේ වැලිපැන්නේ ඉඩ නැතුවලු..!

67

ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය සඳහා එක්වීමට පැමිණි පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගයේ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අධිවේගී මාර්ග පොලීසිය අවධාරණය කර සිටී.

රථ වාහන නීතිය යටතේ අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම් වෙයි.

හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බව සඳහන් වෙයි.

කෙසේවෙතත් අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව සඳහන් වෙයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *