BREAKING NEWS
Search

‘මිලේනියම් සිටි’ පාවාදීම් චෝදනා බොරු – උඩුගම්පොල නිදොස් කොට නිදහස් කෙරේ..!…

67

ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් 2002 වසරේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ද කර ජාතික ආරක්‍ෂාව අනතුරේ දැමූ බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය දෙන ලද්දේ වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුවයි.

අදාල තොරතුරු ප්‍රසිද්ධියට පත් කර ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරමින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබින.

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *