BREAKING NEWS
Search

මෛත්‍රී, ගෝඨාට පසු ජනපති අනුරටත් සිරසෙන් මාධ්‍ය උපදේශකයෙක් – චන්දන සූරිය බණ්ඩාර පත්වීම බාර ගනී..!

60

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශක ලෙස පත් කර තිබේ.

මේ අතර, ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අංශය යටතේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනාම අද පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මිට පෙර 2015 අවූරුද්දේ ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය මෙහෙයවීම සඳහා මෙන්ම 2019 අවුරුද්දේ ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ශ මහතාගේ මාධ්‍ය මෙහෙයවීම සඳහා සිරසෙන් විවිධ උපදේශකයන් සහ නිලධාරීන් ලබා ගැනීමට එම ජනාධිපතිවරුන්ද ක්‍රියා කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *