BREAKING NEWS
Search

යානයේ සුන්බුන් සොයාගැනේ.. ගිනිගෙන සියල්ල විනාශයි.. ඉරාන ජනාධිපති ඇතුළු සියල්ලම මරුට..

263

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඉරාන රජයේ උසස් නිලධාරියකු උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවය.

ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී මෙම ගුවන් අනතුර සිදුව ඇති අතර දැඩි මීදුම් සහිත තත්වය නිසා යානය කඩා වැටෙන්නට ඇති බවද පැවසෙයි.

ජනාධිපතිවරයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *