BREAKING NEWS
Search

යෝෂිතගේ නම ගෑවුනු සමාජ ශාලා ගැටුමේ සැකකරුවන් භාරවෙයි

38

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාර වී තිබේ.

මේ වනවිට අදාළ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව ද වාර්තා වේ.

පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා පැය 3කට ආසන්න කාලයක් ඊයේ (25) කොම්පඤ්ඤ වීදිය පොලීසියට ප්‍රකාශයක් ලබාදුනි.

එම ගැටුමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන තිබූ අතර, ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරකෑමට ලක්ව තිබුණි.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *