රට ගොඩනැඟීම සාර්ථක කරගැනීමට ආණ්ඩුවත් සමඟ එක් වන ලෙස සියලු වෘත්තීය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (1) ගාලුමුවදොර පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.
රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑමට සූදානම් ව්‍යාපාරයක් නිසා මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයටද පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගැනීමේ කාලය උදා වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බවත්, මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත්ය. ‘රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය’ තේමාව යටතේ පැවති මේ රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
මේ අවස්ථාවට සහභාගි වූ චීන, ඉන්දීය, වියට්නාම් රටවල කොමියුනිස්ට් නියෝජිතයන්ද අදහස් දැක්වූ අතර, ඔවුහු සියලු දෙනා ජාතික ජන බලවේගයේ මැයි රැලියට සුබපැතුම් එක් කළහ.
Silumina