කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදයි. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල මෙහිදී නිතර වනවා.
උන්වහන්සේ මරණයෙන් උට්ඨානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.
මහා සිකුරාදා යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ක්‍රිස්තියානි ආගමික නිවාඩු දිනයකි.
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අද සමරනු ලබනවා.
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරය යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතර වේ.
දෙව් පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදාගැනීම වෙනුවෙන් සිය දිවිපිදීම කිතුණු බැතිමතුන් සමරන්නේ දුක්ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක් වෙමින්ය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.
මේ අතර පාස්කු ඉරුදින දේවමෙහෙයන් පැවැත්වෙන බැවින් අද සහ ලබන 20 වනදා දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඊට අමතරව වැඩබලන පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතද මීට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ