BREAKING NEWS
Search

වඩා වැදගත් රටක සභ්‍යත්වයයි – දිලිත් (Video)

32

තාක්ෂණයේ දියුණුව රටක සභ්‍යත්වය අබිබවා යායුතු නැතැයි දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

කොළඹදී පැවති විශේෂ සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පීඨය සංවිධාන කළ විශේෂ සමුළුවක් කොළඹදී අද (10) පැවැත්වුණි.

එහිදී ව්‍යවසායකත්වය කේන්ද්‍ර කරගත් මාතෘකා ඔස්සේ විද්වත් කතිකාවක් සිදුකෙරුණේ දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් පිරිසකගේ සහභාගිත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“ව්‍යවසායකත්ව කරණයේ යෙදෙන ඕනෑම ආයතනයකට, රටකට අවශ්‍ය වන්නේ ආයතනික සංස්කෘතියක්. අපි සියලුදෙනාම එකම සිහිනයක් හඹායායුතුයි. ඒ එකම සිහිනය සියලුදෙනාටම තමන්ගේ අභිලාශයන් ඉටු වෙන, තමන්ට ආශ්වාදය ගෙන දෙන සිහිනයක් විය යුතුයි. මේ රට ආයතනයක් හැටියට සැලැකුවොත් අපිට නැත්තේ පොදු සිහිනයක්.

ට්‍රම්ප් අමෙරිකාව යළි කැරකෙව්වා. ඒ රටේ සභ්‍යත්වයේ විශ්වාසය වන සුදු ක්‍රිස්තියානි යුඟයට බව අපි මතක තබාගන්න ඕනේ. ඒ නිසා තමයි ඔහු කියන්නේ අමෙරිකාවේ ඉන්නේ ගැහැණු සහ පිරිමි පමණයි කියලා. තාක්ෂණික ලෝකය දියුණු වුණත් ඔහුගේ මතය එයයි. ඉංදියාවෙත් අංක එක ඔවුනේ සභ්‍යත්වය. මම කියන්නේ විශිෂ්ඨයෙක් වෙන්න පමණක් තාක්ෂණය භාවිතා කරන්න.”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *