BREAKING NEWS
Search

වැඩ වර්ජන කල යුත්තේ ජනතා එකගතාවයෙන්.. ජනතාවට පීඩා කරමින් නොවේ..- ලාල් කාන්ත

470

ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම ඊට එකඟ නොවන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

සියලු කම්කරුවන්ගේ ඉල්ලීම් සාධාරණව පක්ෂය විසින් පිළිගන්නා නමුත් වැඩවර්ජනය කළ යුත්තේ ජනතාවගේ පැත්තේ හිඳිමින් ජනතාවගේද එකඟතාවයෙන් යුතුව බවත් හෙතෙම පෙන්වා දෙයි.

දැඩි පීඩනයකට මේ මොහොතේත් පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් නොකළ යුතු බවත් වැඩ වර්ජන සිදු කළ යුත්තේ පාලකයන්ට එරෙහිව මිස අහිංසක ජනතාව පීඩාවට පත් කරමින් නොවන බවත් හෙතෙම පවසයි.

වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති නමුත්ල සෞඛ්‍ය පද්ධතියේම අනෙක් සේවකයන්ටද වැටුප් වැඩි වැඩිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!