BREAKING NEWS
Search

වොම්බැට් අම්මාට දුකක් දුන් අමෙරිකානු කත – ඔස්ට්‍රේලියා අගමැති ඇතුලු විශාල ජනතවක් විරෝධයේ..!

209

ඔස්ට්‍රේලියාවට ආවේණික සත්ත්ව විශේෂයක් වන වොම්බැට් පැටවෙකු, මවගෙන් උදුරා ගත් ඇමරිකානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියකට එරෙහිව ඔස්ට්‍රේලියාව පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනැගී තිබේ.

වොම්බැට් මව දුක්බරව පසුපස පන්නාගෙන පැමිණෙමින් සිටියදීත්, අදාළ කාන්තාව වොම්බැට් පැටවා උදුරාගෙන පැමිණ ඇත.

මෙලෙස සිදුකර ඇත්තේ සමන්තා ස්ට්‍රැබල් නමින් හඳුන්වන සෑම් ජෝන්ස් නම් ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින අමෙරිකානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක්ය.

ඇය වොම්බැට් පැටවා උදුරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝව ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මුදාහැරීමත් සමග ඇයට එරෙහිව ඔස්ට්‍රේලියාව පුරා දැවැන්ත විරෝධතාවක් ගොඩනැගී තිබේ.

මෙම කාන්තාවගේ ක්‍රියාව ඔස්ට්‍රේලියානු රජය දැඩිලෙස විවේචනය කර තිබේ.

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් දැඩි කෝපයෙන් හෙළාදැක ඇති අතර,
එරට ස්වදේශ කටයුතු අමාත්‍යවර පවසා ඇත්තේ තම අමාත්‍යාංශයට සෑම් ජෝන්ස්ගේ වීසා බලපත්‍රය අවලංගු කළ හැකිද යන්න සොයාබලමින් සිටින බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු විපක්ෂ නායකවරයා එය කුරිරු ක්‍රියාවක් ලෙස හුවා දක්වා ඇති අතර, ඇයව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා 30,000කට වැඩි පිරිසක් ඔන්ලයින් පෙත්සමකට අත්සන් තබා තිබේ.

කෙසේ නමුත් ඒ අතරවාරයේ අදාළ කාන්තාව සිය කැමැත්තෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් ඇත.

එමෙන්ම ඇය එම වීඩියෝව ද ඉවත්කරගෙන ඇති අතර, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමද පුද්ගලික කර තිබේ.

අදාළ කාන්තාව වොම්බැට් පැටවා සිය අතෙහි තබාගෙන විනාඩි කිහිපයකට පසු නැවත වොම්බැට් මවට ලබාදුන් බවත්, පැටවා කිසිඳු අනතුරක් සිදු නොකළ බවත් පවසා දී ඇත.

ඔස්ට්‍රේලියාවට ආවේණික සත්ත්වයෙකු වන වොම්බැට් එරට නීත්‍යානුකූලව ආරක්ෂාකරනු ලබන සත්ත්ව විශේෂයකි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *