BREAKING NEWS
Search

සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි – අවුරුදු එකහමාරේ පුංචි පුතු රෝහලේ..!

28

අද (21) උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුරක් සිදුව ඇති බවය.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 31 ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 21 කාන්තාවකි.

මෙම අඹුසැමි යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

තුවාල ලබා ප්‍රථිකාර ලබිමන් සිටින්නේ මොවුන් දෙදෙනාගේ අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෘතශරීර ගලේවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *