පසුගිය සිකුරාදා දහවල් කාලයේ 13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී තම මව සහ බාල සහෝදර සහෝදරියන් දෙදෙනා සමඟ බෝට්ටු පැදීමට ගියේ ඉතාමත් සතුටින්.
නමුත් ස්වභාවධර්මය ඔවුන්ට එතරම් හිතකර වුණේ නැහැ. රළු මුහුදු සුළඟට හසුවූ ඔවුන්ගේ බෝට්ටුව, ගොඩබිමෙන් ඉතා ඈතට ගසාගෙන ගියේ කාගෙන්වත් උදව්වක් ඉල්ලා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට ඔවුන් පත් කරමින්.
මුහුද මැද අසරණ වූ තම මව සහ කුඩා සහෝදරයන්ගේ ජීවිත බේරාගත හැක්කේ තමන්ට පමණක් බව වටහාගත් මේ 13 හැවිරිදි පුංචි පුතා, මරණය පෙනි පෙනී අඳුරු මුහුදට පැන ගොඩබිම දෙසට පිහිනන්න පටන් ගත්තා.
පැය 4කට වැඩි කාලයක්, කිලෝමීටර් 4ක පමණ දුරක් ඔහු අඳුරු මුහුදු රළ සමඟ තනිවම සටන් කළා.
පිහිනීමට අපහසු වූ තැන තමන්ගේ ආරක්ෂිත කබාය (Life Jacket) පවා ගලවා දමා, ඔහු ඉදිරියටම ගියේ “අම්මා” යන ඒ උතුම් නාමය හදවතේ රඳවාගෙනයි.
දැඩි වෙහෙස නිසා සිහිසන් නැති වන මට්ටමට පත්ව සිටියත්, කෙසේ හෝ ගොඩබිමට පැමිණි ඔහු වහාම හදිසි ඇමතුම් අංක අමතා තම පවුල බේරාගන්නා ලෙස ඉල්ලා සිටියා.
ඔහු ලබාදුන් තොරතුරු මත ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම්, රාත්‍රී 8.30 පමණ වන විට ගොඩබිම සිට කිලෝමීටර් 14ක් ඈත මුහුදේ අතරමංව සිටි මව සහ අනෙක් දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගත්තා.
තම පවුල වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ඔහු කළ ඒ සටන අද මුළු ලෝකයම හඳුන්වන්නේ ‘Superhuman’ ක්‍රියාවක් ලෙසයි.
සැබෑ වීරත්වය කියන්නේ ආදරය සහ කැපවීම බව ඔස්ටින් මුළු ලෝකයටම කියා දුන්නා.







