BREAKING NEWS
Search

පොල් හිඟයට හේතු රැසක් – මාෆියාවක් නෑ…!

27

රට තුළ පවතින පොල් හිඟයට හේතුව පොල් වෙළඳ පොළේ පවතින මාෆියාවක් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසීය.

දීර්ඝ කාලයක් පැවති ක්‍රියාකාරකම් රැසක අවසාන ප්‍රතිඵලය ලෙස පොල් නිෂ්පාදනය අඩු වී ඇතිබව පැවසීය.

වාර්ෂිකව පොල් අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමි ඇතිබව පැවසීය.

දඩු ලේනුන් සහ රිලව්න් විසින් විසින් පමණක් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 100 පමණ හානි කරන බවට අනාවරණය වී ඇතිබව මහාචාර්යවරයා පැවසීය.

එය පොල් නිෂ්පාදනය අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ.

ඒ හේතුවෙන් මේ සඳහා වහාම රජය මැදිහත් වී යම් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර යුතු බව පැවසීය.

වන සතුන් ඝාතනය කිරීම මේ සඳහා විසඳුම නොවන බව එහිදී පැවසීය.

විය යුත්තේ සත්ව ගහණය පාලනය කිරීම සහ ඵලදාව ආරක්ෂා කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම බව පැවසීය.

මොනරුන්,රිලව්න් සහ වඳුරන්ගේ ස්වභාවික විලෝපිකයන් නොමැති වීම එම සතුන්ගේ සීඝ්‍ර වර්ධනයට හේතුවී තිබේ.

මෙරට රිලව්න් ගහණය ලක්ෂ 30 ඉක්මවා ඇතිබව මහාචාර්යවරයා පැවසීය.

පසුගිය දශක කිහිපයේ පොල් ඉඩම් කැබලි කර විකිණීම ද පවතින පොල් හිඟයට දැඩිව බලපා ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *