BREAKING NEWS
Search

රිලවෙකුට චීනයෙන් ඩොලර් පනස්දාහක්..!

42

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම සඳහා මෙතරම් මහන්සි වෙන්නේ එක රිලවෙකුට ඩොලර් පනස් දහසක් ලබාදෙන නිසා බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

අයවැය පියවා ගැනීමට නොහැකිව රිලවුන් මරා හෝ අයවැය පියවා ගැනීමට උත්සාහයක් දරන බවද පැවසුවාය.

රිලවුන්ට නම් අත නොතියන ලෙසද ඉල්ලා සිටි ඇය රිලවුන් වන්ධ්‍යකරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එම වැඩපිළිවෙළට එකඟ බවත් සදහන් කලාය.

පසුගිය රජය විසින් රිලවුන් චීනයට යැවීමට එකග වූ ගිවිසුමේ අන්ර්ගතය හෙලි කරන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *