BREAKING NEWS
Search

හදිසි පරීක්‍ෂාවකින් එක බස් නැවතුමකින් බස් රථ 24ක් ධාවනයෙන් ඉවතට…!

4716

හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස්රථ නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් (02) දින හදිසි පරික්ෂවකට ලක් කෙරිණ.

හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සමග එක්ව මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබීය.

මෙම පරික්ෂාවේදි ලංගම සහ පෞද්ගලික බස් රථ 28ක් පරික්ෂාවට ලක් කල අතර, ඉන් ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා පියවර ගැණින.

සිදු කල හදිසි පරික්ෂාවේදි බස් රථ මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්වයක තිබේද යන්න පිළිබදව විශේෂ අවධානය යොමු කල අතර, ධාවනයට නුසුදුසු තත්වයෙන් ධාවනයට එක් කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා විසින් පියවර ගත් අතර, එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් ඇතුලත අලුත්වැඩියා කර මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යලිත් ඉදිරිපත් කල යුතුය.

මෙම පරික්ෂාවේදි ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත්, එම බස් රථවල රියදුරන්ට උපදෙස් ලබා දුන් අතර, එම උපාංග ගලවා යලිත් බස් රථ මෝටර් රථ පරික්ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවල වාර්ෂික ආදායම් බලපත්‍රය නුවරඑලිය පොලිසිය භාරයට ගැණින.

ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් මෙම හදිසි පරික්ෂාව සිදුකල බවත්, මෙවැනි පරික්ෂාවන් නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා සිදු කරන බවයි නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *