විශ්ව ආකර්ෂණ නීතියේ එන වැදගත්ම සහ අපි කවුරුත් කතා කරන්න කැමතිම ආකර්ෂණ නීතිය තමයි මුදල් ආකර්ෂණය සම්බන්ධව ඇති විශ්ව නීතිය.
ලෝකයේ සාර්ථක වූ බොහෝ පුද්ගලයින් මෙය සැබවින්ම තම පෞද්ගලික ජීවිතය තුළ අත්හදා බැලූවන්. ඔබත් සල්ලි තියෙන්න නම් වාසනාව හෝ පොහොසත් පවුලක ඉපදෙන්න ඕනි කියලා හිතන කෙනෙක්ද? ඔබ වැරදියි.
සල්ලි තියෙන පොහොසත් කෙනෙක්ගෙන් අහලා බැලුවොත් ඔවුන් කියයි ඔවුන් කළ කැපකිරීම් සහ උත්සාහයන් ගැන. ඒ අතරින් මේ ආකර්ෂණීය නීතියත් එකක්. එසේ නම් අපිත් මේ තුළින් මුදල් ආකර්ෂණය කරගැනීමට උත්සාහ දරමු.
සියල්ලට පෙර මනස හදාගමු : බොහෝ පුද්ගලයින්ට මුදල් සම්බන්ධව ඇත්තේ ඉතාමත් සෘණාත්මක ආකල්පයක්.
සතයක්වත් ඉතුරු වෙන්නෙ නෑ ..වියදම් වැඩි..ආදායමක් නෑ .. සල්ලි රැඳෙන්නේ නෑ ..සල්ලි නැති අපිට ඕවා නම් හීන තමයි, යනාදි වශයෙන් මුදල් සම්බන්ධව නොයෙකුත් මැසිවිලි ඔබේ මනසෙත් ඇති.
මුදල් ආකර්ෂණය කරගැනීමට ඇති පළමු නීතිය නම් මෙවන් සෘණාත්මක ආකල්ප මුලුමනින්ම දුරස් කිරීමයි.එවිට ඔබට මහත් සැනසිලිදායක බවක් දැනේවි. මෙම නීතිය මුදල් ආකර්ෂණයට පමණක්ම නොව ජීවිතයේ අන් සියලු අවස්ථාවන්ට ද ප්‍රායෝගික නීතියකි.
පොහොසත් මනසක් : සැබවින්ම ඔබ පොහොසත් නොවෙන්න පුළුවන්. විශාල මන්දිරයක්, සුඛෝපභෝගී වාහනයක්, ප්‍රනීත ආහාර පාන, නවීන ඇඳුම් පැළඳුම් ඔබට සැබෑ ජීවිතේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට ඔබේ මනස එවන් සුඛෝපභෝගී දිවියක් ගෙවන අයෙකුගේ ආකාරයට සකසා ගත හැකියි. එලෙස මනසින් පොහොසත් ඔබ දිනෙක සැබවින්ම පොහොසත් වනවා නිසැකයි.
ලැබෙන්නට පෙර විශ්වාස කරන්න : කුඩා කාලයේ පටන්ම අපි පුරුදු වුණේ දෙයක් ලැබුණට පස්සෙ ඒ ගැන විශ්වාස කරන්න. නමුත් විශ්ව ආකර්ෂණ නීතිය අපිට උගන්වන්නේ ලැබෙන්නට පෙරම විශ්වාස කරන ලෙසයි. මේ ලෝකයේ සාර්ථක වීමට ඇති ප්‍රබලම බාධකය නම් සැකයයි. අවිශ්වාසයයි. අපිට අපි ගැනම විශ්වාසයක් නැති නිසා සිහින මවන්න පසුගාමි වන ප්‍රමාණය වැඩියි.
ආකර්ෂණ නීතිය ඵලදායී කරගැනීමට නම් ඔබ කළ යුතු පළමු දෙය විශ්වාස කිරීමයි. සැකය දුරින් දුරු කිරීමයි. ඔබට ඇති මුදල් ප්‍රශ්න ඔබ අමතක කරන්න. ඔබට මුදල් ගොඩක් ඇතැයි සිතමින් එවිට ඔබ ගෙවන ජීවිතය විශ්වාසයෙන් යුතුව මනසින් දකින්න. නැවුම් බලාපොරොත්තුවලින් මනස පුරවා ගන්න. ඔබ ඔබ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කෝටිපති සිහින දකින්නෙක් වන්න.
පොඩි දේකින් පටන් ගන්න : ලොකු ලොකු දේවල් ආකර්ෂණය කරගන්න උත්සාහ අරන් එය සාර්ථක නොවෙනකොට නිරායාසයෙන්ම ඔබ බලාපොරොත්තු රහිත අයෙක් බවට පත්වේවි. එබැවින් මුලින්ම ඔබ ඉතාමත් සුලු දෙයක් ගැන විශ්වාසයෙන් බලාපොරොත්තු වන්න. ඒ ගැන විශ්වයට කියන්න. ලැබුණු බව විශ්වාස කරන්න. ඒ මොහොත මනසින් දකින්න.අවසානයේ ඔබ දිනනවා නිසැකයි.
මුදල් පරිත්‍යාග කරන්න : ඔබට පරිත්‍යාග කිරීමට තරම් මුදල් නැති බව සිතෙනවා ඇති. නමුත් හැකි පමණින් මුදල් පරිත්‍යාග කරන ඔබ නිරායාසයෙන්ම මුදල් ඇති අයෙක් බවට මනස පිළිගනී. මන්ද මුදල් පරිත්‍යාග කිරීමට තරම් ඔබට මුදල් ඇති බවට මනසට යන ධනාත්මක පණිවිඩය ඉතාමත් ප්‍රබල එකක් වන නිසාවෙනි.
ඔබ කාන්දමක් : මේ ලෝකය සම්පත්වලින් පිරුණු තැනක්. සම්පත් හිගයක් ඇත්තේ නෑ. නමුත් එය බෙදීයාමේ යම් විෂමතාවයක් පමණක් පවතියි. උත්සාහය කියන්නෙ මෙම විෂමතාවය දුරලීමට ඇති හොඳම විසඳුමක්. ඉතින් අපි නොපමාව උත්සාහ කරමු. විශ්වාස කරමු. එමෙන්ම ඔබ කාන්දමක් බව සිතන්න. එබැවින් මුදල් ඔබට ආකර්ෂණය වන බවත් විශ්වාස කරන්න. සෑම දිනයක්ම මනසින් ඔබ ඔබේ සාර්ථකත්වය දකින්න.සිහින මවන්න. එය ඔබ ඇබ්බැහිකමක් වන තරමට මනසට හුරු කරන්න. ඔබේ සාර්ථකත්වය සටහන් කරන්න. ඔබ මුදල් ආකර්ෂණය කරගැනීමට හැකියාව ඇති කාන්දමක් බව තරයේම විශ්වාස කරන්න.
මේ නම් ආකර්ෂණ නීතියේ ඔබ වඩාත්ම ආකර්ෂණීය නීතියයි. එසේ නම් මේ දැන්ම ඔබ ඔබේ මනස දියුණු කරන්න. හුරු කරන්න.මනසට පොහොසත් පණිවිඩ ලබාදෙන්න. දවසින් දෙකෙන් ප්‍රතිඵල නොලැබෙන බව සැබෑය. නමුත් එක දිගටම ඔබ කාලයක් තිස්සේ මේ සම්බන්ධව ඔබව ඔබේ මනස පුහුණු කරන්න. වෙනදාට වඩා ලැබීම් සහ ඉතිරිකිරීම් සිදු වන විට ඔබත් මෙම නීතියට ආකර්ෂණය වේවි.
උපුටාගැනීමක්







