BREAKING NEWS
Search

ගේට්ටුවේ හැපුණු ගිලන් රියේ බියර් ටින්

2555

 

දෙණියායේ සිට මාතර දක්වා රොගීන් දෙදෙනකු රැගෙන යද්දී අනතුරට පත් ගිලන් රථයේ තිබී බියර් කෑන් දෙකක් සොයාගත් බව මොරවක පොලිසිය කියයි.

දෙණියාය මූලික රෝහලට අයත් ගිලන් රථයක් මොරවක අතුඇල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවක වැදී අනතුරක් සිදුව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය මාතර මහ රෝහල වෙත රෝගීන් රැගෙන යමින් සිට ඇති අතර අනතුරින් පසු රියදුරු පලා ගිය අතර පසුව පොලිසිය බාර විය.

රියදුරා බීමතින් සිටියේ ද නැද්ද යන්න සොයා බැලීම සදහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා යොමු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

අනතුරට පත් ගිලන් රථයේ ඉදිරිපස බීර කෑන් දෙකක් තිබී සොයාගත් බව පොලිසිය කියයි.

මාතර මහ රෝහල කරා රැගෙන යමින් සිටි රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අංශ සහ පොලිසිය මැදිහත් වී වෙනත් ගිලන් රථයක් ගෙන්වා රෝහල් කරා යවා තිබූ අතර අනතුරින් ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවී තිබූ බව පොලීසිය පවසයි

 

(එස් ඩී කොඩිකාර සහ අජිත් ලංකාතිලක)

source – lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!