BREAKING NEWS
Search

පුත්තලං මුහුදේ පාවී ආ බෝතලයේ විස දියරය බී ධීවර මරණ දෙකයි

464

පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුහුදේ පාවී ආ බෝතලයක අඩංගු ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු මියගොස් ඇත. මෙම සිදුවීම නොරොච්චෝල ලක් විජය බලාගාරය ආසන්නයේ පිහිටි මා දැල් වාඩියකදී සිදුව ඇති බව නොරොච්චෝල පොලිසිය පවසයි.

 

වාර්තා වන අන්දමට, පුද්ගලයින් සිව් දෙනෙකු මෙම ද්‍රාවණය පානය කර ඇති අතර, ඉන් එක් අයෙකු එය පානය කළ වහාම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම පදිංචි 50 හැවිරිදි මුණිසාමී විශ්වා නැමැත්තෙකි.

 

අනෙක් තිදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, පුත්තලම පදිංචි 40 හැවිරිදි වීරසිංහ ආරච්චිලාගේ තුෂාර සම්පත් හෙවත් ඩගා නමැති අනෙක් පුද්ගලයාද මියගොස් ඇත.

විදේශීය මත්පැන් යැයි සැක කෙරෙන මෙම ද්‍රාවණය පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වන විට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔවුන් පුත්තලම, 4 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
සිද්ධියට මුහුණපෑ අයෙකුගේ සොයුරෙක් මෙසේ අදහස් දක්වා ඇත.

මගේ අයියාගේ මාදල් වාඩිය, ඒගොල්ලෝ මාදල් වඩිය ඇවිල්ලා වාඩි ටික හදාගෙන තමයි ඉඳලා තියෙන්නේ.
සුලං සැර නිසා මුහුදෙන් ඇවිල්ලා තියෙනවා බෝතලයක්.
ඒක ඇවිල්ලා ගොඩට අරගෙන කඩලා දියරය ප්ලාස්ටික් බෝතලෙට දාලා ඒක විසි කරලා මුහුදට.
කොහොමහරි ඊයේ උදේ ඉඳලා මේක බීලා තියෙනවා
ඒක බීලා තමයි මෙහෙම නැති වෙලා තියෙන්නේ.
මට පාන්දර අයියා කතා කරලා කිව්වා මෙහෙම දෙයක් වෙලා තියෙනවා මොනවද කරන්නේ
ඊට පස්සේ මායි මේ වාඩියේ අයියාගේ මත්සිනයි කියලා පොලිසිය දැනුවත් කෙරුවට පස්සේ තමයි ඇවිත් රෝහලට ගෙනිච්චේ.දැනට තව කෙනෙක් හොස්පිටල් එකේ නැති වෙලා තියෙනවා.
තව තුන්දෙනෙක් ඇඩ්මිට් වෙලා තියෙනවා.
හැමදාම ව‍ාඩියට එන අය තමයි මේ.

මීට පෙර 2024 වර්ෂයේදීද මෙවැනිම ආකාරයෙන් මුහුදෙන් ගොඩබිමට පාවී ආ බෝතලයක වූ ද්‍රව්‍යයක් පානය කිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගිය සිදුවීමක් වාර්තා වී තිබිණි.

gossiplankanews

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *