අමෙරිකාවේ ආධාර ලැබෙන තුරු විරෝධතාව අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා මිචිගන් ප්‍රාන්තයේදී වාර්තාකරුවන් අමතා ඔහු මේ ඉල්ලීම කර ඇති අතර, හැකිනම් රජයේ ආයතන අත්පත් කරගන්නා ලෙසත් විරෝධතාකරුවන්ට දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. විරෝධතාකරුවන් ඝාතනය කිරීම නවත්වන තුරු ඉරාන රජය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව සඳහන් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඝාතකයන් මතකයේ තබාගන්නා ලෙසත්, ඔවුන්ට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට ගන්නා විරෝධතාකරුවන් එල්ලා මරා දැමීමට එරට අධිකරණය නියම කර ඇතැයි ද වාර්තා වන අතර, අමෙරිකානු ජනාධීපතිවරයා අවධාරණය කර ඇත්තේ විරෝධතාකරුවන්ට එරෙහිව එවැනි දඬුවමක් ක්‍රියාත්මක වන්නේ නම් ඉරානය සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවය.

පසුගිය සතියේදී ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් විරෝධතාකරුවකු වන 26 හැවිරිදි ඉර්ෆාන් සොල්තානි ඊයේ එල්ලා මරා දැමීමට නියමිතව තිබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් දින දෙකක් ඇතුළත එරට අධිකරණය ඔහුට මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විමතියට පත් වී ඇතැයි ද වාර්තා වේ. පසුගියදා ටෙහෙරාන් නුවර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී ඇති එරට අගවිනිසුරු ගෝලම්හොසේන් මොහ්සෙනි ප්‍රකාශ කර ඇත්තේ හිස ගසා දැමීම හෝ පුලුස්සා දැමීම මඟින් විරෝධතාකරුවන්ට දඬුවම් කිරීම මෙවැනි විරෝධතා නැවත සිදු නොවීමට ඉතා වැදගත් බවය.
උපුටාගැනීම – Dinamina







