අමෙරිකාවට ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍යයි – ට්‍රම්ප් යළි යළිත් කියයි

258

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම අත්‍යවශ්‍ය බව ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ ග්‍රීන්ලන්ත අර්බුදය පිළිබඳ පසුගියදා ධවල මන්දිරයේදී ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත නිලධාරින් සමඟ අමෙරිකානු නියෝජිතයන් පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව බවද වාර්තා වේ. ඩෙන්මාර්කයේ විදේශ ඇමැති ලාස් ලෝකේ රස්මුසීන් සහ ග්‍රීන්ලන්තයේ විදේශ ඇමැතිනි විවියන් මොට්ස්ෆෙල්ඩ්ට් සමඟ අමෙරිකාවේ උපජනාධීපති ජේ.ඩී.වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ එම සාකච්ඡාවට සහභාගි වී ඇති අතර, ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව එහිදී ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ විදේශ ඇමැතිවරු සඳහන් කර තිබේ.

එම සාකච්ඡාවෙන් පසු වාර්තාකරුවන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ග්‍රීන්ලන්තය ආරක්ෂා කිරිමට ඩෙන්මාර්ක රජය අසමත් වනු ඇති බවය. රුසියාවට හෝ චීනයට ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට අවශ්‍ය නම් ඩෙන්මාර්ක රජයට ඒ පිළිබඳ කිසිදු පියවරක් ගැනීමට නොහැකි වනු ඇතැයි ප්‍රකාශ කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය රැක ගැනීමට නම් එය අමෙරිකාවට භාර දිය යුතු බවය.

උපුටාගැනීම – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!