BREAKING NEWS
Search

දසුන් ශානක ලෝක කුසලාන වාර්තා අලුත් කරයි

12806

දසුන් ශානක මෙවර ලෝක කුසලානයට කලින් මෙහෙම කියනවා.

පුද්ගලිකව මම කැමතියි මට හොද ට්‍රැක් එකක් හම්බවෙනවා නම්… මොකද මගේ ස්ට්‍රයික් ඇබිලිටි එක පෙන්නන මට අවස්ථාව හම්බවෙන්නේ නැහැ කැපෙන විකට්වල, මම හිතනවා මේ වර්ල්ඩ් කප් එකේ ඒ නම්බර්ස් ගොඩක් වෙනස් වෙයි. එතකොට ඕගොල්ලන්ටම ඇසෙස්මන්ට් එකක් කරන්න පුළුවන් වෙයි වර්ල්ඩ් කප් එකේ නම්බර්ස් මොනාද ඊට කලින් තිබ්බ නම්බර්ස් මොනාද කියන එක….’

පල්ලෙකැලේ දසුන් එක්ක තියෙන්නේ හරි අපූරු බැදීමක්..

දසුන් ශානක නම් ප්‍රහාරකයාව අමතක කල නොහැකි ක්‍රීඩාංගණයක්… ඉතිං ඒ අමතක කල නොහැකි නාමය නැවතත් පල්ලෙකැලේ මතකය අලුත් කලා…

අද ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කල වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා වෙන්න සමත් වෙනවා.

ඒ පන්දු 19කින් මේ අධිවේගී ඉනිම දියත්කර…

මේ වේගවත් ඉනිමට හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 2ක් අඩංගු වුනා. ප්‍රහාරාත්මක වේගය 250.00ක ඉහල අගයක් ගත්තා.

ඒ අනුව දසුන් එයාගේ T20I Career එකේ හොඳටම සාර්ථක වෙලා තියෙන්නේ අංක පහ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරලා.. Average , Strike Rate බැලුවත් දෙකෙන්ම අංක පහ පිතිකරුවෙක් ලෙස දසුන් ඉදිරියෙන්… අංක පහ පිතිකරුවෙක් ලෙස දසුන්ගේ ස්ට්‍රයික් රේට් එක 158+ අගයක්…

අදත් ඔහු එහී සාර්ථකත්වය පෙන්නුවා..!
Well Played Skipper 👏

✍ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!