BREAKING NEWS
Search

මැති ඇමතිලාගේ ‘දුරකතන’ ගොළුවෙලාද? ජනතාවගෙන් දැඩි චෝදනා

109

 

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල වෙයි. මේ තත්ත්වය හේතුවෙන් තමන්ට අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධයෙන් සම්බන්ධ වීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ජනතාව පෙන්වා දෙති.

මෙම ගැටලුව ගැන මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද අවධානය යොමු කර තිබේ. ඔවුන් පවසන්නේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බහුතරයක් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන අතර, සමාජ මාධ්‍ය හෝ කාර්යාල මාර්ගයෙන්වත් සම්බන්ධ වීම පහසු නොවන බවයි.

ජනතා ප්‍රශ්න ගැටලු සෘජුව ඇසීම සහ ඒවාට ඉක්මන් විසඳුම් ලබාදීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව දේශපාලන විචාරකයන් ද සදහන් කරති. ජනාධිපතිවරයා විසින්ද මීට පෙර ජනතාවගේ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් ගැටලු විසඳීමට අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබාදී තිබුණද, ඇතැම් අමාත්‍යවරුන් එම උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන බවට චෝදනා එල්ල වෙයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් සිදුකර, ජනතාවට සෘජුව සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙසද ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරති.

මහජන නියෝජිතයෙකුගේ දුරකතනය “ගොළුවීම” යනු සරල තාක්ෂණික ගැටලුවක් නොව, මහජන සේවයේ විශ්වාසයට එල්ල වන ප්‍රශ්නයක් බවත්, ඒ පිළිබඳ වගකීම් සහිත විසඳුමක් අවශ්‍ය බවත් ජනතා අදහසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!