ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන් මුහුණ දුන් හිඟයට විසඳුම් ලබාදෙමින්, නව ගෑස් තොගයක් රැගෙන ආ නෞකාවක් අද (28) දිවයිනට පැමිණි බව ආයතනය නිල වශයෙන් සදහන් කර ඇත.
නිල නිවේදනයේ සඳහන් වන්නේ, මෙරටට ගොඩබැස්ස මෙම ගෑස් තොගය අද දින සිටම ප්‍රමාදයකින් තොරව දිවයින පුරා බෙදාහැරීමට ක්‍රියාත්මක වන බවයි.
එසේම, අද සිට බලපැවැත්වෙන පරිදි දිවයිනේ සියලු අලෙවි නියෝජිතයන් මඟින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට සුපුරුදු ලෙස ගෑස් සිලින්ඩර ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.







