BREAKING NEWS
Search

ලොවක් වටින විශිෂ්ටයෙක් බිහි කල සංගක්කාරගේ පියාණන් දැයෙන් සමුගනී !

1070

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තය කුමාර් සංගක්කාරගේ පියාණන්, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වෙයි !

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාගේ පියාණන් වන, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර (Kshema Sangakkara) මහතා අද (මාර්තු 03) අභාවප්‍රාප්ත විය.

මහනුවර ප්‍රදේශයේ කීර්තිමත් නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා, වෘත්තීය ජීවිතය තුළ මෙන්ම සමාජ සේවා කටයුතුවලදී ද මහනුවර ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයකි.

ලොවක් මවිත කළ කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් දිවියේ සාර්ථකත්වය පිටුපස සිටි දැවැන්තම ශක්තිය සහ ගුරුවරයා වූයේ ඔහුගේ පියාණන්ය. සංගක්කාරගේ විනය, තාක්ෂණය සහ ජීවන දර්ශනය හැඩගැස්වීමේ පුරෝගාමියා වූයේ එතුමා බව ප්‍රසිද්ධ කරුණකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට, එනම් මාර්තු 04 වන බදාදා පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ සාමාජිකයෝ නිවේදනය කරති.

කුමාර් සංගක්කාර ඇතුළු පවුලේ සියලු දෙනාට මෙම ශෝකජනක අවස්ථාවේදී ශක්තිය ප්‍රාර්ථනා කරන අතර, එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!