BREAKING NEWS
Search

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

521

මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින්, කටාර් හි පිහිටි අමෙරිකානු හමුදාවේ විශාලතම ගුවන් කඳවුර වන Al Udeid Air Base වෙත ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ ප්‍රහාරය අඟහරුවාදා (03) සවස සිදුවී ඇති අතර, එම අවස්ථාවේ කඳවුරේ සිටි හමුදා සාමාජිකයන්ට හෝ අනෙකුත් පුද්ගලයන්ට ජීවිත හානි සිදුව නොමැති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා මෙහෙයුම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මෙම ගුවන් කඳවුර, කලාපීය ආරක්ෂාවට ඉතා වැදගත් ස්ථානයක් ලෙස හඳුන්වයි. ප්‍රහාරයෙන් පසු ආරක්ෂක සැලසුම් තවදුරටත් තද කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වෙයි.

මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ දේශපාලන හා යුදමය තත්ත්වය තවදුරටත් උණුසුම් විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!