“එංගලන්ත කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා ඇදී යමින් තිබූ මොහොතකි. නමුත් 14 වන පන්දු වාරය අවසන් වීමත් සමඟම මුළු ක්‍රීඩාංගනයම මවිතයට පත් කරමින් විල් ජැක්ස්ගේ කඩුල්ල බිඳ වැටුණා. සැබෑ නාටකය ආරම්භ වූයේ ඉන් අනතුරුව ලැබුණු මිනිත්තු එකහමාරක කෙටි විවේකයේදීය. බොහෝ දෙනෙකුගේ අවධානය වෙනතකට යොමුව තිබියදී, ක්‍රීඩාගාරයේ සිට බෙන් ඩකට් සහ රෙහාන් අහමඩ් කලබලයෙන් මෙන් පිටිය මැදට දිව ආවහ. ඔවුන් කෙලින්ම ගියේ පිතිකරු බෙතල් වෙතටයි. ඩකට් විසින් බෙතල්ට කුඩා කොළයක් පෙන්වමින්, එහි ලියා තිබූ දෙයක් අවධාරණය කළේය. එය සාමාන්‍ය උපදෙසකට වඩා යම්කිසි සැලසුම් සහගත එකඟතාවක් මෙන් දිස් විය. රෙහාන් අහමඩ්, ඉන්දියානු පන්දු යවන්නන් කිහිප දෙනෙකු දෙසට නැවත නැවතත් ඇඟිල්ල දිගු කරමින් යම් සංඥාවක් ලබා දුන්නේය. බෙතල් එය තේරුම් ගත් බව පවසමින් හිස වැනූ ආකාරයත්, ඉන් පසු තරඟයේ රටාව හදිසියේම වෙනස් වූ ආකාරයත් බලන විට, මෙය හුදෙක් ක්‍රීඩා උපක්‍රමයක්ද නැතිනම් පිටියෙන් පිටත ලියවුණු තිර රචනයක්ද යන සැකය මා තුළ මතුවිය.”
-විස්තර විචාරක මාර්ක් බචර්-







