BREAKING NEWS
Search

ප්‍රවීණ සිනමා නළු රාජිත රොද්‍රිගූ අභාවප්‍රාප්ත වෙයි

1093

 

1990 දශකයේ ජනප්‍රියත්වයට පත් වූ ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය නළු රාජිත රොද්‍රිගූ අභාවප්‍රාප්ත වී තිබේ.

සෝනියා දිසාගේ සහ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හඳුන්වාදීමක් මත ඔහු සිනමා ලොවට පිවිසියේ “මමයි රජා” චිත්‍රපටයේ සුළු චරිතයකින් රංගනය කරමින්ය. එම චිත්‍රපටයේදී විජය කුමාරණතුංග සමඟ ඇති වූ හඳුනාගැනීම මත “සමාව” චිත්‍රපටයටද ඔහු තේරී තිබුණද, විජය කුමාරණතුංගගේ හදිසි මරණය හේතුවෙන් එම නිර්මාණය අතරමග නතර විය.

ඉන්පසුව ඔහු ප්‍රථම වරට සහය චරිතයක් රඟපෑවේ “චණ්ඩි රජා” චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙසිනි.

“සුරනිමල”, “සිංහයන්ගෙත් සිංහයා”, “ලොකු දුව”, “සක්විති රජ”, “මේ මගේ වාරේ”, “ලස්සනයි බලන්න” සහ “වාසනා වේවා” ඇතුළු චිත්‍රපට කිහිපයක ඔහු රංගනය කර තිබේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේද ඔහුට ජනප්‍රියත්වය හිමිවූයේ බර්ට්‍රම් නිහාල්ගේ “ගම්පෙරළිය” ටෙලිනාට්‍යයේ තිස්සගේ මිතුරා ලෙස කළ රංගනය හේතුවෙනි.

ඊට අමතරව “සීමා” වේදිකා නාට්‍යයේ රංගනය කළ අවස්ථාවේදී සඳුන් විජේසිරිගේ මැදිහත්වීමෙන් “ටිකිරි නිලමේ” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමටද ඔහුට අවස්ථාව ලැබුණි.

රාජිත රොද්‍රිගූ විවාහ වූයේ සමකාලීන ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ ශෂී රොද්‍රිගූ සමඟයි. ඔහු දෙදරු පියෙකු වන අතර, දියණියක් සහ පුතෙකු ද ඔහුට සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!