BREAKING NEWS
Search

හිගවෙතැයි බියෙන් සගවාගෙන සිටි ඉන්ධන බවුසර් දෙකක් අල්ලයි..

280

 

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් අනුව, 2026 මාර්තු 11 වන දින සවස් කාලයේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් බියගම පොලිස් වසමේ බියගම පහල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රැස්කර තබා තිබූ ඩීසල් ලීටර් 19,060 ක් (දහනව දහස් හැටක්) සහිත බවුසර් රථ 2 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන බියගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

වාහන බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් කළ ලොරි, ටිපර් සහ ප්‍රයිමුවර් වැනි රථවලට මුදල් ලබා දී, එම රථවල ටැංකි වලින් ඉන්ධන ලබාගෙන තමන් සකස් කළ ටැංකි වලට ගබඩා කර විකිණීම සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පොලිස් භාරයට ගෙන ඇති දේවල් අතර, වාහන වලින් ඉන්ධන ලබා ගැනීමට යොදාගත් මෝටර් සවි 2 ක්, යකඩ බැරල් 16 ක්, හා මුදල් රුපියල් 381,000/= (තුන්ලක්ෂ අසූ එක්දහසක්) ඇතුළත් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස් 20, 22, 32 හා 42 වන අතර, ඔවුන් හෙයියන්තුඩුව, තිහගොඩ හා නෙළුම්දෙනිය ප්‍රදේශවල පදිංචි වී සිටිති.

සැකකරුවන් 2026 මාර්තු 12 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!