ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ සියලුම ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කිරීමට එරට දේශපාලන නායක මොජ්තබා ඛමේනි තීරණය කර තිබේ.
න්‍යෂ්ටික අවි සන්තක කරගැනීම ඉරානය සතු ස්වෛරී අයිතිවාසිකමක් බවත්, එය කිසිසේත්ම ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු කරුණක් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි
ඉරානයේ උත්තරීතර නායකයා ලෙසද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව සිටින මොජ්තබා ඛමේනි ගේ මෙම තීරණයත් සමඟ කලාපීය දේශපාලන තත්ත්වය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර පැවති මෘදු පිළිවෙත බැහැර කරමින්, ඉරානය දැන් සෘජුවම න්‍යෂ්ටික බලවතෙකු වීමේ ඉලක්කය කරා ගමන් කරමින් සිටින බව වාර්තා වේ.
මීට පෙර ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කළ නායකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හමුවේ, ඉරානය සිය ආරක්ෂක උපායමාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. “මීට පෙර සාකච්ඡා කළ නායකයා ඝාතනය කර ඇති බැවින්, දැන් බෝම්බය නිපදවන නායකයා කරළියට පැමිණ ඇත” යන පණිවිඩය මෙම තීරණය හරහා ගම්‍ය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.







