BREAKING NEWS
Search

ඩුබායි රාජ්‍ය මෙන් එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයත් ඉතාමත් ශක්තිමත් – ශෙයික් හම්දාන් බීන් මොහොමඩ්

700

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 🇦🇪 නියෝජ්‍ය අගමැති, ආරක්ෂක අමාත්‍ය මෙන්ම ඩුබායි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් මුළු ලෝකයේම අවධානය දිනාගන්නා ආකාරයේ සුවිශේෂී පණිවිඩයක් ලබා දී තිබෙනවා.

​ඒ “ඩුබායි රාජ්‍යය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඉතාමත් ශක්තිමත්” යනුවෙනි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නායකයින් 300 කට අධික පිරිසක් අමතමින් පැවති විශේෂ ව්‍යාපාරික සමුළුවකදී වීමත් මෙහිදී කැපී පෙනෙන සිදුවීමක්.

​කලාපයේ මෙන්ම ලෝකයේම ප්‍රධානතම ආර්ථික හා ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ඩුබායි රාජ්‍යය සතුව පවතින දැවැන්ත ශක්තිය සහ නොසැලෙන ස්ථාවරත්වය ලොවටම පෙන්වා දීම මෙම ප්‍රකාශයේ ප්‍රධාන අරමුණ වී ඇති බවයි වාර්තා වෙන්නේ ✨. ලෝකයේ ඕනෑම ආර්ථික අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඔහු මේ හරහා ව්‍යාපාරික ලෝකයටම තහවුරු කර තිබෙනවා.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!