BREAKING NEWS
Search

අද ඔබේ ලග්නයට කොහොම වෙයිද? මේ ලග්න වලට නම් මල් හතයි ඔන්න… විශේෂ පලාඵල විස්තරය!

1029

අද ඉර උදාව: පෙ.ව. 06.18, ඉර බැසීම: ප.ව. 06.22, රාහු කාලය: ප.ව. 16.48 (04.48) සිට ප.ව. 18.18 (06.18) දක්වා.

♈ මේෂ
අද දිනයේ ඔබේ ශරීර සෞඛ්‍යය ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ. සුළු අසනීප තත්ත්වයන් මතු විය හැකි බැවින් සෞඛ්‍ය සම්පන්නව සිටීමට උත්සාහ කරන්න.

♉ වෘෂභ
ඔබේ කටයුතු වලට පැවති බාධා ජය ගැනීමට හැකියාව ලැබේ. උත්සාහය සහ කැපවීම මත සාර්ථකත්වය රඳා පවතින දිනයකි.

♊ මිථුන
මිථුන ලග්න හිමියන්ට අද දවස ඉතා ප්‍රීතිමත් වේ. විශේෂයෙන්ම ඔබගේ විවාහ ජීවිතය ඉතා සතුටුදායක වන බව පෙන්නුම් කරයි.

♋ කටක
සබඳතා වලදී යම් පසුබෑමක් දක්නට ලැබේ. අද දිනයේ ඔබගේ සමීපතම පුද්ගලයින් ඔබෙන් දුරස් වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

♌ සිංහ
ආර්ථික අතින් වාසනාවන්ත දිනයකි. ඔබට අලුත් ආදායම් මාර්ග සකස් වීමට වැඩි ඉඩකඩක් පවතින බව පෙනේ.

♍ කන්‍යා
අධ්‍යාපන කටයුතු වල නියැලෙන අයට ඉතා සුබ දවසකි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම අද දිනයේ උදාවනු ඇත.

♎ තුලා
අද දිනයේ ඔබට යම් අභියෝග වලට මුහුණ දීමට සිදු විය හැකියි. සතුරු පීඩා ඇති වීමට ඉඩ පවතින බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.

♏ වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ට අද දවස සැහැල්ලු එකකි. ඔබට ඉතා සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව හිමිවේ.

♐ ධනු
අද දිනය ඔබට යම්තාක් දුරට දුර්වල දිනයක් විය හැකියි. එබැවින් වැදගත් තීරණ ගැනීමේදී සහ අලුත් වැඩ කටයුතු ආරම්භ කිරීමේදී දෙවරක් සිතන්න.

♑ මකර
මූල්‍ය කළමනාකරණය අද දිනයේ අතිශය වැදගත් වේ. ඔබගේ වියදම් පාලනය කර ගැනීමට දැඩිව උත්සාහ කළ යුතු දිනයකි.

♒ කුම්භ
අනතුරුදායක තත්ත්වයන් පෙනෙන්නට තිබේ. එබැවින් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වීම අද දිනයේ ඔබට ඉතාමත් වැදගත් වේ.

♓ මීන
ව්‍යාපාරික කටයුතු වල නියැලෙන අයට ඉතා සුබ දවසකි. අද දිනය ඔබගේ ව්‍යාපාර කටයුතු වලට ඉතා සුබදායක බව පෙන්නුම් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!