මුත්තයියා මුරලිදරන් කියන්නේ ක්‍රීඩා පිටිය ඇතුළේ වගේම පිටතදීත් සැබෑ ශූරයෙක් කියලා ඔහු මේ ලබාදුන් පිළිතුරෙන්ම ඔප්පු වෙනවා.
ජාතිවාදයට ඉහළින් මනුෂ්‍යත්වය තැබූ අපේ කාලයේ වීරයා – මුත්තයියා මුරලිදරන්!
ඉන්දීය මාධ්‍යවේදියෙක් වරක් මුරලිගෙන් අපහසු ප්‍රශ්නයක් ඇහුවා. ඔහු උත්සාහ කළේ මුරලිව ජාතිවාදී රාමුවකට කොටු කරන්නයි.
ඉන්දීය මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය:
“ලංකාවේ යුද්ධය පැවති කාලයේ ඔබ ඇයි ඔබේම වර්ගයා (හින්දු/දමිළ වැසියන්) වෙනුවෙන් හඬක් නැගුවේ නැත්තේ?”
මුරලි ලබාදුන් අභිමානවත් පිළිතුර:
“මම යුද්ධ කළේ නැහැ. මට බැහැ සිදුනොවුණු දේවල් මවා පෙන්වන්න. හැබැයි මම එක දෙයක් දන්නවා; ශ්‍රී ලංකාවේ මිනිස්සු කවදාවත් මාව ‘දමිළයෙක්’ විදිහට විතරක් වෙන් කරලා බැලුවේ නැහැ.”
“මතකද 1995 අවුරුද්ද? මගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන ලෝකයම ප්‍රශ්න කරද්දී මාව අත්නොහැර මම වෙනුවෙන් පෙනී සිටියේ කවුද? එදා සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයකින් තොරව මුළු ලංකාවම මගේ පිටුපසින් හිටියා.”
“මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මම මේ රටේ හැම ජාතියකටම අයිති කෙනෙක්. උපතින් මම දමිළ වුණත්, මට ඒ ලේබලය විතරක් ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න බැහැ. ඕනෑම මනුස්සයෙක්ට ප්‍රශ්න එනවා, ඒ දේවල් දරාගෙන රටක් විදිහට ඉස්සරහට යන එකයි නියම මනුෂ්‍යත්වය.”
සමහර අයට ඔහු දමිළයෙක් වෙන්න ඇති, තවත් අයට ඔහු ‘දඟපන්දු රජු’ වෙන්න ඇති. ඒත් අපිට ඔහු අපේ රටේ අභිමානය ලෝකයට අරන් ගිය ‘ලංකීය සිංහයෙක්’!
ජාතිවාදය අවුස්සන්න හදන ලෝකයක, තමන් උපන් රටත් මනුෂ්‍යත්වයත් හැමදේටම වඩා ඉහළින් තැබූ මේ උත්තරීතර මිනිසාට මගේ උපරිම ගෞරවය!







