BREAKING NEWS
Search

ලෝකයම පුදුම කළ ලාංකීය සාගර විද්‍යාඥවරිය… ඇයගේ සොයාගැනීමෙන් සාගර විද්‍යාවේ නව යුගයක් ආරම්භ වෙයි..

503

🌊🌍 ලෝකෙම හොල්ලපු සාගර විද්‍යාඥයන් දන ගස්සපු ලංකාවේ සාගර විද්‍යාඥයවරිය..
ඇයගේ මේ සොයාගැනීම නිසා ලෝකේ සාගර විද්‍යාව අලුතින් ලියන්න සිදු වුනා.. 🐋

“ඒගොල්ලො මට කිව්වා මට බැහැ කියලා.. ඒත් මම මුළු ලෝකයම වෙනස් කරපු සොයාගැනීමක් කළා..”

මේ ගැඹුරු, ඒ වගේම හරිම නිහතමානී වචන කිහිපය ඊයේ පෙරේදා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ශාලාවේ යෝධ තිරයක් මත දිස්වුණා. ඒ වචනත් එක්කම තිබුණේ අපේ රටේ, අපේම සහෝදරියකගේ, ආඩම්බරකාරියකගේ රුව.. ඇය තමයි…, ලෝකයම හඳුනන, ඒත් ලංකාවේ වැල්ලේ ඇවිදින සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ද වොස් (Dr. Asha de Vos).

ජාත්‍යන්තර කාන්තා දිනය සහ කාන්තා තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 70 වන සැසිය (CSW70) ආරම්භක උත්සවයේදී, ලෝකය පුරා විවිධ ක්ෂේත්‍රවල සීමාවන් බිඳ දමමින් ඉදිරියට ගිය සුවිශේෂී කාන්තාවන් ඇගයීමට ලක්කළා.. අන්න ඒ සුවිශේෂී කාන්තාවන් අතරට අපේ ආශා ද වොස් මහත්මියගේ නමත්, රුවත් එකතු වුණේ මුළු මහත් ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන දෙමින්…

අද අපි මේ කතා කරන්නේ ඒ ජයග්‍රහණය පිටුපස තියෙන, හැමෝම දැනගත යුතුම, හදවතට දැනෙන කතාවයි. ❤️☕

🐢🐚 අපි හැමෝටම පොඩි කාලේ හීන තිබුණානේ. කවුරුහරි ඇහුවොත් ලොකු වුණාම කවුද වෙන්නේ? කියලා, අපි කිව්වේ දොස්තර, ඉංජිනේරු, ටීචර් වගේ දේවල්… ඒත් අවුරුදු හයක පොඩි ගැහැණු ළමයෙක් Nat Geo සඟරා පෙරළමින්, මම කවදාහරි විද්‍යාඥයෙක් වෙලා ලෝකය ගවේෂණය කරනවා කියලා හිතුවොත්? 🤔📊

ඒ තමයි කුඩා ආශා.. ඇය සාගරයට ආදරය කළා සාගරයේ ගැඹුර සොයන්න හීන දැක්කා ඒත් ඒ කාලේ ලංකාවේ සාගර ජීව විද්‍යාව කියන්නේ ගැහැණු ළමයෙකුට තබා පිරිමි ළමයෙකුටවත් හිතන්න අමාරු ක්ෂේත්‍රයක්. සාගර ජීව විද්‍යාව? ඒක මොන වගේ රස්සාවක්ද..? ලංකාවේ ඒවට තැනක් තියෙනවද..? බොහෝ දෙනා ඇගෙන් ඇහුවා. සමහරු හිනා වුණා.

🐋🚫 ආශා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා. ශාන්ත ඇන්ඩෲස්, ඔක්ස්ෆර්ඩ්, වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වගේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් ඇය අධ්‍යාපනය ලැබුවා. නමුත් ඇයගේ හදවත තිබුණේ ලංකාවේ සාගරයේ. 💙

එකල සාගර විද්‍යා පොත්වල තිබුණේ නිල් තල්මසුන් කියන්නේ සීතල සාගරවල ඉඳලා, බෝ වෙන්න විතරක් උණුසුම් සාගරවලට එන සත්ත්ව කොට්ඨාසයක් කියලා. ලංකාව අසල ඉන්නේත් එහෙම ආපු තල්මසුන් කියලා හැමෝම හිතුවා.

ඒත් ආශාට ඒක ප්‍රශ්නයක් වුණා. ඇය තල්මසුන්ගේ මළ ද්‍රව්‍ය පරීක්ෂා කළා. ඇය දුටුවා ඔවුන් ලංකාව අසලම ඉන්නා විශේෂ කෑම වර්ග කන බව. මුන් අවුරුද්ද පුරාම මෙහේ ඉන්නවා… ඇය ලෝකයට කිව්වා.

ඇයගේ ඒ සොයාගැනීම මුලදී විද්‍යා ලෝකය පිළිගත්තේ නැහැ. පොත්වල තියෙන්නේ මෙහෙමයි, ඔයා වැරදියි ඔවුන් කිව්වා… ඔයා ගැහැණු කෙනෙක්, ඔයාට මේ වගේ ගැඹුරු පර්යේෂණ කරන්න බැහැ.. සමහරු කිව්වා. 😤🛑

ඒත් ආශා පසුබට වුණේ නැහැ. ඇය වසර ගණනාවක් තිස්සේ දත්ත එකතු කළා, තල්මසුන් පසුපස ගියා, අවසානයේ ඇය ඔප්පු කරලා පෙන්නුවා ලංකාව අසල ඉන්න නිල් තල්මසුන් ලෝකයේ වෙන කොහේවත් නැති, සංක්‍රමණය නොවන, Residential Blue Whales පිරිසක් බව.

ඒ සොයාගැනීම සාගර විද්‍යා පොත්පත් අලුතින් ලියන්න සැලැස්සුවා.. 📚✅ ඇයට බැහැ කියපු අයට ඇය ක්‍රියාවෙන් උත්තර දුන්නා.

🏛️ආචාර්ය ආශා ද වොස් මහත්මියගේ මේ ජාත්‍යන්තර ජයග්‍රහණය පිළිබඳව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර (Arun Hemachandra) මහතාද X ජාලය හරහා සිය සුබපැතුම් එක්කර තිබුණා.

ඔහු සඳහන් කළේ, “ඇයගේ පණිවිඩය සීමාවන්ට අභියෝග කිරීමට, බාධක බිඳ දැමීමට සහ විද්‍යාවේ හා මානව වර්ගයාගේ අනාගතය හැඩගැස්වීමට කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම සිහිපත් කිරීමක්” බවයි. 😍👏 අපේ රටේ කාන්තාවන්ට, පර්යේෂකයන්ට සහ නවෝත්පාදකයන්ට මෙය මහත් දිරිගැන්වීමක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

🌊🤝 ආශා ද වොස් මහත්මිය තමන්ගේ ජයග්‍රහණයෙන් විතරක් නැවතුණේ නැහැ. ඇය දන්නවා තමන් මුහුණ දුන් බාධක තවත් කෙනෙකුට ඇති නොවිය යුතු බව. ඒ නිසාම ඇය ලංකාවේ ප්‍රථම සාගර සංරක්ෂණ, පර්යේෂණ සහ අධ්‍යාපන ආයතනය වන Oceanswell ආරම්භ කළා.

Oceanswell හරහා ඇය කරන්නේ Parachute Science – පිටරටින් ඇවිත් දත්ත අරන් යන ක්‍රමය වෙනුවට ලංකාවේම දක්ෂ දරුවන්ට සාගර විද්‍යාව ඉගෙන ගැනීමට, පර්යේෂණ කිරීමට අවස්ථාව ලබාදීමයි. 🎓👩‍🔬 ඇය දක්ෂ සාගර ජීව විද්‍යාඥයන් පිරිසක් ලංකාවේ බිහි කරන්න මහන්සි වෙනවා. talent is equally distributed, but opportunity is not. “දක්ෂතාවය හැමෝටම තියෙනවා, ඒත් අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ” කියන එක ඇයගේ තේමාවයි.

ඉතින්, අපි හැමෝම එකතුවෙලා ආචාර්ය ආශා ද වොස් මහත්මියට හදවතින්ම සුබ පතමු… 🎉💐 ඇයගේ ගමන අපේ අනාගත පරපුරට මහත් ආදර්ශයක් වේවා…

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!