BREAKING NEWS
Search

ඉරානයට ගහන්නේ තෙල් ගන්න – ට්‍රම්ප් අන්තිමේදී ඇත්තම කියයි

217

ඉරානයට පහර දිමේ අවසන් ඉලක්කය ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීම යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ෆයිනැන්ෂයල් ටයිම්ස් පුවත්පත සමග අදහස් දක්වමින් පැවැසීය.

ඉරනයට අයත් කාර්ග් දූපතට ඇමෙරිකා හමුදා යවා එය ආක්‍රමණය කිරිමේ සැලැස්මක් ඇති බවත්, තමන් අණ දුන් සැණින් එය සිදුවනු ඇති බවත් ට්‍රම්ප් මෙම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළේය.

ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ, ඉකුත් ජනවාරියේ, වෙනිසියුලා නායක නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට තෙල් කර්මාන්තයේ පාලනය නතු කර ගත්තා සේම, ඉරානයේදී ද තම ප්‍රමුඛතාවය ‘තෙල් සම්පත අත්පත් කර ගැනීම’ බවය

‘ඇත්තම කිව්වොත් මගේ කැමැත්ත ඉරානයේ තෙල් අත්පත් කර ගැනීමයි. ඇමරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු මගෙන් අහනවා ඔබ ඉරානය එක්ක හැප්පෙන්නේ ඇයි කියලා. එහෙම අහන මිසින්නු හරිම මෝඩයි’ යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පර්සියානු ගල්ෆ් කලාපයේ, ඉරාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 30 ක් දුරින් පිහිටි කාර්ග් දූපත, ගෝලීය බලශක්ති වෙළඳපොළේ අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන භූමියකි.

භූගෝලීය වශයෙන් කුඩා දූපතක් වුව ද, ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තය පිහිටා තිබෙන්නේ මෙහි ය. එබැවින්, ඉරානයේ ආර්ථික ස්ථාවරත්වය සහ ලෝක බලශක්ති සැපයුම් දාමය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙම දූපතේ පවතින උපායමාර්ගික වැදගත්කම සුළුපටු නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!