BREAKING NEWS
Search

දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් කාර්යාල දුම්රිය ධාවනයේ….

19

දුම්රිය සේවක වර්ජනයක් ක්‍රියාත්මක වුවද සියලු කාර්යාල දුම්රිය මේ වනවිට නියමිත ස්ථානවලින් ගමන් ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනුයි ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් මෙසේ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වී ඇත්තේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය රියදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තිය සමිති රැසක් එක්ව තිබෙනවා.

ඔවුන් මෙම වර්ජනයේ නිරත වන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරට එරෙහිව විනය කඩ කළ බවට දුම්රිය පරිපාලනය නිකුත් කර තිබූ ලිපිය අත්හිටුවීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන ලිපියක් යොමු කර තිබූ පසුබිමකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!