BREAKING NEWS
Search

ඉල්ලපු 2/3ලැබුණා.. දැන් අහෝසිකරනවා කිව්ව Online , PTA පණත් අහෝසි කරන්න.

33

ඉල්ලපු 2/3ලැබුණා.. දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත,ඔන්ලයින් පනත, විධායක ජනපති ධූරය අහෝසි කරන්න – නීතීඥ සාමූහිකය ආණ්ඩුවට දැනුම් දෙයි!

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් සහ අන්තර්ජාල ආරක්ෂණ පනත් අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස නීතීඥ සාමූහිකය රජයෙන් ඉල්ලා තිබේ.

නීතීඥ සාමූහිකය දෙසැම්බර් 5 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ නව අමාත්‍ය මණ්ඩලයට සහ 10 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෑත මැතිවරණවලදී ජනතාව විසින් ලබා දුන් ව්‍යවස්ථාදායක ජනවරම මත මෙම කරුණු ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටියේය.

නීතීඥ සාමූහිකය විසින් අවධාරණය කරන ලද එක් ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වන අතර, එය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වයට හානිකර බව ඔවුහු පෙන්වා දෙති.

“සියලුම රාජ්‍ය ආයතනවල බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ හෑල්ලූවට ලක් කිරීම සහ ඒ සමඟ සිදු වූ දූෂණය දශක ගණනාවක් තිස්සේ පුරවැසියන් විසින් දැක ඇත, විශේෂයෙන් 2009-2024 කාලය තුළ මෙය පැහැදිලිව දැකගන්නට පුළුවන,” යැයි පෙන්වා දෙන නීතීඥ සාමූහිකය “විධායකය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්ය ජනාධිපති ධූරයට පත් වූ පළමු වසර තුළ මාස කිහිපයකින් අවසන් කළ හැකිය.’ යනුවෙන් පෙන්වා දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *