BREAKING NEWS
Search

ඩෙංගු අවදානම තවමත් පහව ගොස් නෑ-රෝගීන් ඉහළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක්…

40

අද වන විට ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 161ක් හඳුනාගෙන ඇති අතර,ඉන් රෝගීන් වාර්තා වීම ඉහළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් මේ වන විට පවතින බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය පැවසූවේ අද දින වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 110,431 දෙනෙකු වාර්තා වී ඇති අතර ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය 09 වනදා සිට 14 වනදා දක්වා කාලය තුළ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව පැවසීය.

එකී විශේෂ මෙහෙයුමේදී පරිශ්‍ර 177,017ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන 51,088ක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බවද පැවසීය.

එලෙසම පරිශ්‍ර 9,947ක මදුරු කීටයින් හමුව ඇති අතර එය 6%ක වැනි ප්‍රමාණයක් බව ඇය පැවසීය.

ඒ අනුව තවමත් ඩෙංගු රෝගය සමාජයෙන් තුරන්ව ගොස් නොමැති අතර මේ සම්බන්ධයෙන් ජනතාව අවදානයෙන් යුතුව කටයුතු කිරීම මගින් මෙම රෝග තත්ත්වය පාලනය කරගත හැකි බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!