BREAKING NEWS
Search

මහ මොලකාරිය ගැන ඔත්තුවක්.. තෙබුවන නිවසක් වටලා සැක කටයුතු කාන්තාවක් අත් අඩංගුවට..මහ කෑලෑ පීරමින් තවත් මෙහෙයුම්.!

134

අලුත්කඩේ අධිකරණයේදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය බව පැවසෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන, රන්නගල වතුයායේ නිවසක සිටින්නේ යයි ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලා එහි සිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුම සදහා යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය හා තෙබුවන පොලිසියේ නිලධාරින් එක්ව සිට ඇත.

මතුගම ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන්ද එම ස්ථානයට ගොස් නිවස අවට ප්‍රදේශය පූර්ණ පරීක්ෂාවට ලක් කලද කිසිදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට හැකිව නැත.

එහි සිටි සැක කටයුතු කාන්තාව සති දෙකකට පමණ ඉහත ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට මෙම නිවසට පැමිණ බව සදහන් කර තිබේ.

ප්‍රදේශවාසීන් විසින් මේ කාන්තාවට පිළිබඳව විමසිලිමත්ව පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇත.

24 රාත්‍රීයේදී නිවස වටලා පොලිස් සෝදිසි කිරීමත් සමග එම කාන්තාව නිවසින් පිටතට දිව ගොස් කෑලෑවේ සැගවී ඇත.

ඒ අනුව 25 උදෑසන සිට සෝදිසි මෙහෙයුම් දියත් කර තිබින.

අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් අැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *